වැව් බැදි රාජ්‍යයේ, දනුම් උල්පත වූ අ/ඉසිපතන ජාතික පාසල සුවහසක් දුවා දරුවන්ගේ නැණ පහන් දැල්වීමට දායක වූ ස්ථානයකි.
බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ තැපැල් අශ්වයන්ගේ නවතැන්පලක් වූ ශාලාවක 1921 මැයි 05 වන දින ආරම්බ කල පූනපාඨශාලාව එක් විදුහල්පතිවරයෙකුගෙන් සහ සිසුන් 06 දෙනෙකුගෙන් සමන්විතය. ක්‍රමිකව වර්ධනය වෙමින් අ/පූනෑව මහා විද්‍යාලය ලෙස නම් කරන ලද මෙම පාසල කාලයාගේ ඇවෑමෙන් අ/පූනෑව නවෝදයා පාසල බවට පත්වී පාසල් දහස ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙමින් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමත් සමග ගොඩනැගිලි ඉදිකිරීමට පාසලේ ඉඩ ප්‍රමාණවත් නොවිය.
2012 වර්ෂයේ එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට කළ නියෝගයකට අනුව අක්කර 13 ක නව ඉඩමක ක්‍රීඩා පිට්ටනියක් හා ගොඩනැගිලි ඉදිකර 2017 අගෝස්තු 04වන දින එවකට ජනාදිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් උමැප/ අනු/ කැබි/ මැද/ ඉසිපතන මහා විද්‍යාලය ලෙස සිසු අයිතියට පැවරිය. මෙම පාසල අ.පො.ස.(සා.පෙළ) ආරම්බයේ සිටම පවතී අතර 1968 සිට අ.පො.ස.(උ.පෙළ) කලා විෂය ධාරවද 2014 වසරේ සිට වාණිජ විෂය ධාරවද 2017 වර්ෂයේ සිට අ.පො.ස.(උ.පෙළ) විද්‍යා අංශයද ආරම්බ කරනු ලැබිය.
|
ආරම්භ කළ වර්ෂය |
1921 මැයි 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
06 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අ/පූනෑව මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1921 මැයි 05 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ තැපැල් අශ්වයන්ගේ නවතැන්පලක් වූ පූනෑව ගම්මානයේ ශාලාවක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1921 මැයි 05 |